Sunday, March 2, 2014

නූතන සිංහල කෙටිකතාව හා කෙටිකතා මාධ්‍යය

‘. . . . . . . . . . දයාසේන ගුණසිංහ සිංහල කෙටිකතාව සිංහල නවකතාවේ දිළිඳු ඥාතියා ලෙස හඳුන්වන්නේද මෙනිසාය.
සාර්ථක කෙටිකතාකරුවන් ලෙස විචාරකයන් අතින් පිළිගැනෙන ඒ.  වී.  සුරවීර, එච්.  ඒ.  සෙනෙවිරත්න, සෝමරත්න බාලසූරිය, සෝමවීර සේනානායක, ඇරැුව්වල නන්දිමිත‍්‍ර, රංජිත් ධර්මකීර්ති, කරුණා පෙරේරා, ලක්ෂ්මී බෝඹුවල හා ජයතිලක කම්මැල්ලවීර වැනි ලේඛකයෝ සුපුරුදු සම්ප‍්‍රදායික මගෙහි ම යාමට කැමැත්ත දක්වති.  පාඨක මනසට කිසියම් නැවුම් බවක් ලබාදෙමින් සාම්ප‍්‍රදායික මගින් පිට පැන අලූත් ආකාරයකට සිය අත්දැකීම් ඉදිරිපත් කිරීමට උත්සුක වී ඇත්තේ අජිත් තිලකසේන, සයිමන් නවගත්තේගම, මදුරසිංහ ගුණතිලක හා කේ.  කේ.  සමන් කුමාර වැනි අතලොස්සක් පමණි. ’. . . . . . . . . . . . . . . . ‘අජිත් තිලකසේන, මදුරසිංහ ගුණතිලක, සයිමන් නවගත්තේගම හා කේ.  කේ.  සමන් කුමාර ආදී කෙටිකතාව සම්බන්ධයෙන් විවිධ ආකෘති සොයා යාමට ප‍්‍රිය කළ ලේඛකයන්ගේ කෘති පුළුල් වශයෙන් සාකච්ඡාවට භාජන වී ඇත්තේ අල්ප වශයෙනි.  එවිට ප‍්‍රවීන රචකයන් සේම ආධුනික රචකයෝද අලූත් අත්හදාබැලීම් කිරීමට මැලි වෙති.  මෙය සිංහල කෙටිකතාවේ ඒකාකාරී ගමන් මගට හේතුවක් ලෙස සැලකිය හැකිය. ’. . . . . . . . 


- සුජීවා නිරංජනී රත්නායක (නූතන සිංහල කෙටිකතාව හා කෙටිකතා මාධ්‍යය 1920-1990: ගොඩගේ ප‍්‍රකාශන

1 comment:

  1. සිංහල කෙටිකතා විකිනෙනවා අඩු නිසා ප්‍රකාශනයට පත් කරන්න අමාරුයි. නමුත් අලුතින් තැනුන වෙබ් අවකාශය තුල ඉතාම කෂුද්‍ර මට්ටමේ කෙටිකතා රටාවක් දකින්නට ලැබෙනවා.

    ReplyDelete