ඒත් මැරෙන කොට මිනී පෙට්ටියක් නම් තිබුණා.'
- කාල් මාක්ස්'ඒ ගොල්ලො දෙවියන්ගෙන ඉල්ලුවා ඒ ගොල්ලන්ට පාලුව නැති කරගන්න ළමයෙක්ව දෙන්න කියලා.ඇඟිල්ලක් තරම් පුංචි උනත් කමක් නෑයි කියලා...ඉතින්, දෙවියො ඒ ගොල්ලන්ට ළමයෙක්ව දුන්නා.
එයා ගොඩාක් පුංචියි.කොච්චර පුංචි ද කියනවානම් ඇඟිල්ලක් තරම් පුංචියි.
ඒ හින්දා එයාගේ නම තම්බලීනා!
- සුරංගනා කථාවකින්
ඉල්ලුවේ නැතත් අපිට
ලැබිලා මෙන්න පුංචි දුවෙක්
රසු..
රසු....
රසුසු....
රසුසුලා
රසුසුලාංගි
සුසු
සුලා
සුසුලා
සුලාංගි....තම්බලීනා!
ක.ක පරපුරට Full Stop !
දුවෙක් !
හුරේ...!
'නයික්ටස්ට රජකම ලබාගන්න ඔනේ නම් පුතෙක් හදන්න ඕනා.'
- රොහාන් පෙරේරා
අරාජිකත්වය දිනේවා !
ඉලෙක්ට්‍රා ඔය දොර පොඩ්ඩක් වහන්න.තාත්ති වැඩක්!
නළල ම්ං වගේලු !
අතපයත් මං වගේලු
නාහෙත්
කනුත්
ඇස්?
අම්මියගෙ...(මාව දැලේ දාගන්න)
කට?
ඒත් අම්මියගේ
( මාව පිස්සු වට්ටන්න )
Quality blended tea from......
ස්භාව ධර්මය නරකම නෑ
ජාන තාක්ෂණය තරම්ම නැතත්
මෙන්න
10*12 හතරැස් ලබ්බේ තොවිලෙක
බත් ඉදෙයි
පොත් ලිහෙයි
කොස් කැපෙයි
ඒ මදිවාට
ළමයෙකුත් අඬයි
දෝයි බබෝ දෝයි!
සුරංගනාවියන් එක්ක
හිනැහි හිනැහි මෙන්න
කැෂියර්ට බිල ගෙවා
ජයවර්ධන පුර සාප්පුවෙන්
අලුත්ම අලුත් අම්මෙකුත් එක්ක ගෙනා
බෝනික්කිය්ක් මෙන්
රසූ...
ඉතින් චූටි දුවේ ම්ං යනකොට කඩාගෙන
හම්බවුනා මාමා කෙනෙක්
'මොකද පසන් මේ ටිකේ කරන්නෙ?'
'මං ඇහුවා'
'ණය ගෙවනවා බං !'
'ඒ කිව්වෙ'
'පොත් ලියනවා(ප්‍රකාශකයන් ගෙ ණය ගෙවන්න)'
ෆයදෝර් දොස්තයෙව්ස්කිගේ
වී.ඩී ද ලැනරෝල් පරපුර
පියවරක් ඉදිරියට!
රස්කොල්නිකොව් ඉවසාපන් පොඩ්ඩක්!
Death of the author
Or
Death of the publisher?රසූ..
බහ තෝරන විට නුඹ කියවන
හැම පොත් පිටකම
ලේ,කඳුළු,බඩගින්න
රස්තියාදුව,කකුල් කෙඩෙත්තුව
තිබෙන බව
ප්‍රකාශක වලව් වල
ඊනියා ධනපති/දානපති
පිංපෙත්/සල්ලි/ නම්බු මඩි ඉන් තර කෙරුණු බව
සාහිත්‍ය බලු කපුටු දානවල
මතවාද හෙනහුරු අපල
ඉන් ගෙවාගත් වග
නුඹට නොදැනේවි
හොඳ නොහොඳ හැම පොතක් යටම
අපරාධයක් තියෙනවා පුංචි දුවේ !
'ලේඛකයා ජීවත් වීම සඳහා මුදල් හම්බ කල යුතුය
එහෙත් කිසි විටකත් මුදල් හම්බ කිරීම සඳහා ලිවිය නොයුතුය'
- කාල් මාක්ස්ඒත්
නුඹට තොටිල්ලක් කරන්නට
මේ මහ පොළොව
ලියනවා මං !
රසූ
තව ලබ්බේ
තොවිලෙකට යනකන්
නාඩන් දුවේ දෝයි....
නෑ ! උඹ අඬපන් !
මව් කුසෙහි සිටම හඳුනන
ගල් බෝර හඬින් ශේෂ වූ
අර පරුවත සොච්චමත්
දෙදරා හැලෙන්නට හඬපන්
මේ ගල් ගැහුණු රැය තූ තු කොට
ගල්වලට එහා ලන්දේ
හා පැටව් බලනවා ඇති
උන්ට කැරට් අල විසී කරන්න
උඹ එන තෙක් ඔය හා දෙපා තබා
පිනි විසුල උඳුපියලි පලසේ!
කේ කේ සමන් කුමාර
( රාවය - 2002 - ජුලි 14 ඉරිදා)
අනේ මන්දා මෙහෙම අදහස් කොහෙන් එනවද කියලා...සුපිරි මට්ටමේ ලිපියක් මේක ලියපු අයියේ ඔයාගේ ලිවීමේ හැකියාව පට්ටයි....
ReplyDelete