Sunday, March 2, 2014

කෙටිකතාව හා සර්පයකු හා සටන් වැද

’එහෙත්, ‘සර්පයකු හා සටන් වැද වැනි කෙටිකතා නිර්මාණයක් ඉතාමත් සූර සාහිත්‍ය පරිකල්පනයක් බව කිව යුතුය.  සමන් කුමාර සොයා යා යුතුව තිබුණේ ඒ මගයි.  එහෙත් ඔහු අජිත් තිලකසේන හෝ සයිමන් නවගත්තේගම් වැනි ෆැන්ටසියෙන් ඔලූව වියවුල් කරගත්තවුන්ගේ ඔඩොක්කුවට වැටීම නිසා කලින් තවත් අයට වූවා සේ ම ඔහුට ද අතරමග නවතින්නට සිදු වී ඇත.  එහෙත් ඔහු ලියූ ‘සර්පයකු හා සටන් වැද ’ ඔබ කියවිය යුතු ම ය.  එබැවින් එම කෙටිම කෙටි කතාව මෙම පෙරවදනෙහි ඇතුල් කරන්නට මම තීරණය කළෙමි.  මෙදා මෙම කෘතියේ විචාරය සඳහා ලැබී ඇති කෙටිකතා සියල්ලම පරයා මෙහි ඇති පරිකල්පනීය ශක්‍යතා ඉහළ බව ඔබට මෙය කියැවූ විට වැටහෙනු ඇත. ’. . . . .

’. . . . ඉහත සටහන් වූ කෙටිකතාව ෆැන්ටසිමය අයුරින් හෙවත් විචිත‍්‍ර චින්තනාත්මක අයුරින් ඉතාමත් සාර්ථක පරිකල්පනයකින් නිර්මාණය වී ඇතියක් බැව් පැහැදිලිය.  නියම කෙටිකතාවක් ලෙස මා මෙහි හඳුන්වා දීමට උත්සාහ දරන නිර්මාණයේ එක් වේශයක් මෙයයි.  මෙය විචිත‍්‍ර චින්තනය පුළුල් ව භාවිතයට ගනිමින් කළ නිමැවුමකි. . . . . . ’


 -සේපාල් අමරසිංහ (උසස්පෙළ සිංහල විෂය සඳහා නිර්දිෂ්ට නූතන කෙටිකතා විචාරය- පෙරවදන: සංහිඳ ප‍්‍රකාශන)

1 comment:

  1. කෙටිකතාව කියන්නෙ ගඩොල් කැපීමක් නෙමෙයි. මේන්න මෙහෙමයි කියල අච්චුවක් තියාගෙන කතා ලියන එක සාර්ථක වෙයි කියලා නම් මට සිතෙන්නෙ නැහැ.

    ReplyDelete