Sunday, March 2, 2014

සර්පයකු හා ....

කේ. කේ සමන් කුමාරගේ ‘සර්පයකු හා සටන් වැද ’ කෙටිකතාව අපගේ කෘතියේ උපග‍්‍රන්ථයක් ලෙස යොදා තිබේ.  එය එසේ යොදා තිබෙන්නේ එම කෙටිකතාව ශිල්පීය හා අත්දැකීම් පාර්ශවයෙන් කෙතරම් වැදගත්ද නව ප‍්‍රවණතාවක් නියෝජනය කරන්නේද යන්න පාඨකයාට අවධාරණය  කිරීම සඳහාය.  කේ.  කේ.  සමන් කුමාරගේ කෙටිකතා නූතන සිංහල කෙටිකතා සරණිය සඳහා තෝරා නොගත් නමුත් ඒ පිළිබඳ දීර්ඝ විශ්ලේෂණයක නිරත වීමට මෙම සංග‍්‍රහයේ සංස්කාරකවරයකු වන මහාචාර්ය කුලතිලක කුමාරසිංහ කටයුතු කරයි.  ඒ සඳහා කදිම උදාහරණයකි 2008දී සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් පළ කළ සාහිත්‍ය විශේෂ කලාපය සඳහා ඔහු ලියූ ‘කේ.  කේ.  සමන් කුමාරගේ කෙටිකතා’ නමැති ලිපිය.  මෙම ලිපියේ ඔහු මෙසේ සඳහන් කරයි.  ‘80 දශකයේ ආරම්භයේ දී කෙටිකතාකරණයට පිවිසි තරුණ කෙටිකතාකරුවන් අතර කේ.  කේ.  සමන් කුමාර, සම්මත කෙටිකතා කේෂ්ත‍්‍රය උඩු යටිකුරු කිරීමට තුඩුදෙන ආකාරයේ කෙටිකතාකරණයේ නිරත වූ විප්ලවකාරී චින්තනයකින් යුත් පෙරළිකාර තරුණ ලේඛකයෙකි.  සම්මත කෙටිකතා ව්‍යුහය, රචනා ශෛලිය හා භාෂා භාවිතය ප‍්‍රතික්ෂේප කළ අසම්මත කෙටිකතා කරුවකු වූ අජිත් තිලකසේන අනුගමනය කරමින් සිය නිර්මාණ කුසලතා මතුකර ගැනීමට ඔහු විමසිලිමත් වූයේ ය.  මුල මැද හා අග සහිත කතාන්තරය තුළ සිය පරිකල්පනය කොටු කර ගැනීමට නොපෙළඹුණු සමන් කුමාර සිය පළමු කතා සංග‍්‍රහය වූ ‘සර්පයකු හා සටන් වැද’ හි ඇතුළත් කෙටිකතා මගින් තරුණ කෙටිකතාකරුවකුගේ සැබෑ ප‍්‍රතිභාව ප‍්‍රකට කිරීමට පෙළඹුණේ යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ’ (කුමාරසිංහ, 2008: 254).
තමා විසින්ම ප‍්‍රවණතාත්මක කලාකරුවකු ලෙස ඉහළින් අගය කෙරුණු කෙටිකතාකරුවකුගේ නිර්මාණයක් තමාගේ මැදිහත්වීමෙන් සංස්කරණය කළ කෙටිකතා සරණියකට ඇතුළු නොකිරීමේ ශාස්ත‍්‍රීය පදනම වටහාගත නොහැකිය. ’. . . . .
- චින්තක රණසිංහ (නූතන සිංහල කෙටිකතා සරණිය: පූර්ණ විවරණයක්- පෙරවදන: සුරස ප‍්‍රකාශන)

1 comment:

  1. මට නම් අජිත්ගේ බොහෝ කතා තේරෙන් නැහැ.. මා මිලදී ගත්තෙ ඔහුගේ පැරණි පොතක් නිසාද දන් නැහ එහෙම වුනේ.

    ReplyDelete