Thursday, August 18, 2011

ලිහිණියේ..



ලිහිණියේ..
ඉගිල යන වැහි කෝඩයේ..
මට කියාපන්
කෝ
කොහි සැඟවුනිද
අපෙ ආදරේ


තෙත බරිත මඩ ගොහොරුවේ
පා දවන අව් කූටකේ
මග දිගට සෙව්වා
නෑ දුටුවේ
ලිහිණියේ
උඹ දුටුවාද
අපෙ ආදරේ..


ළය දවන උතුරුකරයේ
කුහක හිත් පුරන දකුණේ..
මට කියාපන්
කෝ

කොහි සැඟවුනිද
අපෙ ආදරේ
 
 
නිලන්ත ගමගේ

1 comment:

  1. ආදරේ හිත ඇතුලේ රදවා
    ආදරිය ගිහින් දුර නොකියා
    ගුරු පාරේ
    මල් දෙවටේ ඇගේ සුවද රැදිලා
    ආදරිය, ආදරය පැටලිල වගේ දැනුනා

    කුහක හිත් පුරන දකුණේ ... මේ වචන ගැන මාගේ විරෝදය :DDD

    ReplyDelete