Tuesday, July 19, 2011
හතරැස් රැයක්
මන්ද අඳුරට වැද
අන්ධයෙකු සේ
නෙතු අයා හිඳිමි
හිස් වෙවී
ආයෙමත් පිරෙන
වීදුරුව මත ම
හිත ලෙහා දමමි
අඳුරු මුල්ලකටත් පුළුවනි
මොහොතකට අස්වැසිල්ලක් වෙන්න
ජිවිතේ හිස්කම
තනුක කල හැකි ද
මධු විතක් මත පාවෙන
අයිස් කැට වලට
අන්ද මන්ද වු හිතකින්
ඔබේ ලොව නැළවෙන්න
පාරිශුද්ධ සිතුවිලි උතුරයි ද
ඇඟිලි අතර රැදී
සිගරැට්ටුවකින් පුළුවන් ද
හීන කන්දකට ගිනි තියන්න
අඳුර ම කොයිතරම් මිහිරි ද
කාටවත් නොපෙනෙන්න
කඳුළු වගුරන්න හැකි කලෙක
පාළමෙන් උඩ පෙනෙන
තරු එකින් එක ගනිමින්
රැය ගෙවිය හැක
එකම පාටට දැල්වෙන
සංඥා කණුවකට ඇණ තියාන
මේ කළුවරේ ත්
හිස් තැන් පුරවන
එකම මගියා මම ද
නපුරු
හීන වලට ම
ඇවිත්
තවම
ඇතිවෙලා
නැද්ද
නුඹට
අරවින්ද පෙරේරා
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment