Wednesday, July 20, 2011

නෙළුමකට පෙම් කළෙමි


 අරවින්ද.....

ආයෙමත්  ඔයාට ආදරේ කරන්න මට හිතෙනවා. එත් ඔයාට ලියුම් කඩදහි ලියලා ලියම මට එපා වෙලා තියෙන්නේ. ඒ තරම්ම මම ඔයාට ලියලත් එකම ලියුම් කඩදහියක්වත් ඔයා මට නොලිය හිටිය එක ඇත්තටම හොදයි කියලා මට වැටහුණේ ගොඩාක් කල් ගිහිං. එත් කිසිදවසක මට ලියන්න හිතුවේවත් නැහැයි කියලා නම් කියන්න එපා.

විරාගීව හිටියට හිත යටින් ඔයා මට ආදරේ කල විත්තිය මං දන්නවා. එක නිසාම තමයි එදා කැරොල් පෙරහැර බලන්න ආපු දවසේ ඔයා මාත් එක්ක සතුටින් හිටියේ. ඉස්කෝලෙදි වුණත් ඔයා මං දිහා හොරෙන් බලපු වාර අනන්තවත් තිබුණා නේද අරවින්ද...??

ආයේ ආයෙමත් මේ පුංචි පුංචි දේවල් කියන්නේ ඒ පුංචි පුංචි දේවල් වල තමයි අපේ ආදරේ හැංගිලා තිබුණේ. ඔයා අසාමාන්‍ය මනුෂයෙක් කියලා ගම්මු හිතුවට ඔයා එහේම නැහැ කියලා මං දන්නවා... අනික මේනකා අක්කා කිව්වා වගේ ඔයා නපුරු කෙනෙක් නොවන විත්තිය මං දන්නවා.... එත් ඔයා සුව්ශේෂි පුද්ගලයෙක්. එක නිසාමයි හිතේ කහටක් නොතියා ගෙනම මගේ මගුල් ගෙදර වැඩ ඔක්කොම ඔයාට කරන්න පුළුවන් වුණේ.

අරවින්ද

දැංවත් මට ආදරේ කරනවද.....

මං හෙම්බත් වෙලා ඉන්නේ.... තත්වයයි, සල්ලි පස්සේ දුවන සිරිදාසගෙන් මං පතන ආදරේ මට කවදාමවත් හම්බවුණේ නැහැ. මං පැනලා යමුයි කියලා යෝජනා කරපු දවසේ අපි පැනලා ගිහිං විවහා වුණා නම් මට මෙහෙම වෙන්නේ නැහැ අරවින්ද....

බලන්න මං කොච්චර දුක් විදිනවද කියලා... ජිවිතේ කියන්නේ සල්ලියි, තත්වයයි නෙවෙයි කියලා මං දැන ගන්නකොට ගොඩාක් පරක්කු වෙලා ඉවරයි. එත් මුල ඉදලම ඔයා එක දැනගෙන හිටියා කියලයි මට හිතෙන්නේ. බතී වුණත් ඔයාව තෙරුම් නොගත්තේ එතනින් කියලා මං හිතන්නේ.

අරවින්ද

මම විරාගික ගැහැණියක් නෙවෙයි. මට ඔනේ ඔයාට වෛර කරන්න, රිද්දන්න ආයේමත් ඔයාට ආදරේ කරන්න

අරවින්ද

මට ඉඩ දෙන්න ආයේමත් ඔයාට හොර ලියුම් ලියන්න

මම

හැමදාම ආදරේ

සරෝජිනි



අරවින්ද පෙරේරා

No comments:

Post a Comment